අත්අඩංගුවට ගෙන සිටි සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ එක් එක් සැකකාරියකට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප මත මත මුදාහැර තිබෙනවා.

ඒ අදාල පිරිස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්ද අමරසිංහ මහතා වෙත අද(15) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට යන මාර්ගයේ වීදි නාට්‍යයක් රඟදැක්වීමට ගිය අවස්ථාවේදී ඇය ඇතුළු පිරිස ඊයේ(14) අත්අඩංගුවට ගැනුණා.

ඒ කුරුඳුවත්ත පොලිසිය විසින්.

එලෙස අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස අද පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

 

WhatsApp Group

Skip to content