Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අලුත් අවුරැදු නැකත් පත්‍රය අනුව හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය හෙටට යෙදී තිබෙනවා.

හෙට උදැසන 9.41ට යෙදෙන සුබ මොහොතින් කහ සහ රතු මිශ්‍ර වස්ත්රභාරණයෙන් සැරසි දකුනු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුගපත්ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කරනු මැනවි යනුවෙනුයි නැකත් පතෙහි සඳහන් වන්නේ.

ඊයේ අපරභාග 2.59ට අලුත් අවුරුදු උදාව සිදුවූ අතර ආහාර පිසීමේ නැකත දී තිබුනේ අපරභාග 3.29ටයි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත් වෙලාව අපරභාග 5.05ට දී තිබුනා.

අලුත් අවුරුද නැකත් පත්‍රය අනුව රැකිරක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත් චාරිත්‍රය දී ඇත්තේ 17වන සඳුදා දිනටයි.

ස්වෙතවර්ණ වස්ත්රභාරණයෙන් සැරසි පුර්වභාග 6.28 යෙදෙන සුභ මොහොතින දකුණු දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යාම මැනවි යනුවෙනුයි අලුත් අවුරුදු නැකත් පතෙහි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content