ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යසනයක් මේ වනවිට පවතින බැවින්, මෙරටට ලබාදෙන ණය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළ යුතු බව හෙජ් අරමුදලේ ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

මේ වනවිට විවිධ සංවර්ධිත රාජ්‍යයන් විසින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ණය සහන ලබාදෙමින් සිටින පසුබිමක දී හෙජ් මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ, ණය ලබාදීම සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුත්තේ ශ්‍රී ලංකාව විශාල වශයෙන් ණය ගෙවීම් පැහැර හැර ඇති රාජ්‍යයක් බවට පත් වී ඇති බවට පෙන්වා දෙමින්.

ශ්‍රී ලංකාව පසුගිය වසරට පමණක් අමරිකානු ඩොලර් බිලියන 51ක ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව සදහන් .

මෙවන් අයහපත් ආර්ථික පසුබිමක් ඇති රටක පුද්ගලික ව්‍යාපාර සඳහා ආයෝජනය කරන්නන් සිය ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි එම අරමුදල පවසන්නේ .

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසින්හ මහතා පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය කඩිනමින් ලබා ගත හැකි බවයි .

https://www.vnews.lk/storage/2023/01/SHEHAN-SEMASINGHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content