රාජ්‍ය සේවකයින්ට හෙට දිනය තුළ වැටුප් ගෙවීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

මේ අතර රාජ්‍ය සේවක වැටුප හෙට දිනයේ නියමිත පරිදි ගෙවීමට හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ පැවසුවා.

විධායක නිලධාරීන්ගේ වැටුප ද එදිනම හෝ දිනක් ප්‍රමාද වී ගෙවීමට හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් බිලියන 87ක් දැනටමත් වෙන් කර ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content