Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් ප්‍රමාණවත් පරිදි මුදල් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවටයි වාර්තා පල වන්නේ.

මේ අතර මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණයේ වියදම් සඳහා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය මාසයේ ලබා දී තිබෙනවා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූලික යෙදවුම් සඳහා ටෙන්ඩර්පත් දැනටමත් කැඳවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

එමෙ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ පළාත් පාලන මැතිවරණය පවත්වන බවටයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ මැතිවරණය සඳහා මුදල් ලබා දීමේ හැකියාවක් නොමැති බවයි.

WhatsApp Group

Skip to content