2022 අ පො ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට අවසන් වනවා.

ඒ සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව අයදුම්පත් යොමු කළ යුතුයි .

www.doenets.lk  යන නිල වෙබ් අඩවිය මගින් අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ .

එමෙන්ම කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කළා.

මේ අතර විද්‍යාපීඨ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කැඳවා තිබෙනවා.

ඒ අනුව 2019 හා 2020 වර්ෂයන් හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා හෙට සිට බාර ගැනීමට නියමිතයි.

WhatsApp Group

Skip to content