Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙම වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරනවා .

ඒ අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා මෙලෙස විදේශ රැකියා සඳහා ඉතිහාසයේ වැඩිම පිරිසක් පිටත්ව ගිය වසර මෙය බවයි ඔහු සදහන් කලේ .

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් අද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් .

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශ ගතකිරීම නතර කර ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි .

https://www.vnews.lk/storage/2022/12/MANUSHA-NANAYAKKARA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content