Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලිට්රෝ ගැස් සමාගම විසින් සිව් දිනකට පසු හැටන් නගරයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට ඊයේ (13) රාත්‍රීයේ සිමිත ගැස් තොග ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා.

එම ගැස් තොග අලෙවි නියෝජිතයන් විසින් පාරිභෝගිකයන්ට බෙදාහැරිමේදි දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට සීමිත ගැස් තොග ප්‍රමාණයක් නිකුත් කිරීම නිසා අලෙවි නියෝජිතයන් ආපනශාලාවලට ගැස් සිලින්ඩර් නිකුත් කිරිම සඳහා වෙන් කරගෙන පාරිභෝගිකයන්ට ගැස් සිලින්ඩර් බෙදාහැරිමේදි පොලිම්වල රැදී සිටි ඇතැම් පාරිභෝගිකයන්ට ගැස් සිලින්ඩර් ලබා ගැනිමට නොහැකි විම හමුවේ මෙම උණුසුම් තත්ත්වය හටගැනුණා.

ගැස් අලෙවි නියෝජිතයන් විසින් ආපනශාලාවලට ගැස් සිලින්ඩර් ලබාදිමේදි ඒ සදහා අලෙවි නියෝජිතයාට නියමිත මිලට වඩා වැඩි මුදලක් ගෙවා ආපනශාලා හිමියන් ගැස් සිලින්ඩර් ලබා ගන්නා බවත්, ඒ අනුව ගැස් අලෙවි නියෝජිතයන් විසින් පොලිම්වල රැදි සිටි තමන්ට ගැස් තොග ලබානොදන බවයි පාරිභෝගිකයන් චෝදනා කරන්නේ.

WhatsApp Group

Skip to content