Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නොර්වුඩ් එල්බඩ පහල කොටස ද්‍රවිඩ විදුහලට එල්ලවු බබර ප්‍රහාරයකින් එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙම තත්ත්වයන් පිලිබද කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම විදුහලේ ගුරුවරයකු කියා සිටියේ අද (02)දින පාසල පැවැත්වෙන කාලය තුලදි පාසල අසල ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් විසින් පහරදීමෙන් 11 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තුන් දෙනකු හා එක් සිසුවකු තුවාල ලබා ඇති බවයි.

එලෙස තුවාල ලද එම සිසුන් කඩිනමින් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සිසුන්ගේ තත්ත්වයන් බරපතල නොවන බවත් ඔවුන් නේවාසිවක ප්‍රතිකාර ලබන බවත් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ නිලධාරියකු කියා සිටියා.

WhatsApp Group

Skip to content