ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දී තිබෙනවා.

කුරුලු උණ නොමැති බවට ලද නිර්දේශ මත පදනම්ව එම අවසරය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මාස දෙකක කාලයක් මෙරටට අවශ්‍ය බිත්තර ඉන්දියාවෙන් ආනයනය සඳහා අවසර හිමිව තිබෙනවා. රජය පැවසුවේ බේකරි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා භාවිතා කිරීමට බිත්තර ආනයනය කිරීමට මෙලෙස අවසර ලබා දුන් බවයි.

කෙසේ වෙතත් ඊයේ ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පැවසුවේ තායිලන්තය, මැලේසියාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, බ්‍රසීලය සහ ඇමෙරිකාව වැනි රටවලද කුරුලු උණ රෝගය වාර්තා නොවන බවටයි.

WhatsApp Group

Skip to content