පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

සිදුකළ විමර්ශනයට අදාළව අනාවරණය කරගත් තොරතුරු මත සැකකරුවන් දෙදෙනා ඊයේ පේරාදෙණිය පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇති බව සදහන් .

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 23ක් හා 24ක් වන බෙලිහුල්ඔය සහ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තාවන්නේ .

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා .

WhatsApp Group

Skip to content