එක්දින තරගවලදී වැඩිම පරාජයන් සංඛ්‍යාවක් ලැබූ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. නවතම වාර්තාවන්ට අනුව එක්දින තරග 880කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉන් තරග 437ක් පරාජයට පත්ව ඇති බව සදහන්.

එක්දින තරග වලදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය සීයයට 47.74ක් ලෙසයි සටහන් වන්නේ. 1990 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරඟවල පාලනය සියතට ගැනීමට සමත්වූ කණ්ඩායමක් ලෙසයි වාර්තා පොත් අතරට එක්වුණේ.

WhatsApp Group

Skip to content