Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන් හට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් (Automated Border Control Unit – A.B.C. ) ස්ථාපිත කිරීම සඳහා සිංගප්පූරු සමාගම සමග ඊ‌යේ ( 06/08) දින ගිවිසුමකට අත්සන් තබා තිබේ .
  මේ සදහා අවශ්‍ය මූලික පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන අතර , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරනු ලබන අතර  දැනට කටුනායක ගුවන් තොටුපොළ තුළ දිනකට  ගුවන් මගීන් 19,000 ක් පමණ සංසරණය වන අතර , එය කොරෝනා වසංගතයට පෙර 28,000 ක තරම් ඉහළ අගයක පැවතුණි .
 මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියරේ දී පිටත් වීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය ආගමන විගමන පිවිසුම් කවුළු ( E – Gates )
දෙකක් ස්ථාපිත කරන අතර , ඉන් මාස 08 කට පසුව පැමිණීමේ පර්යන්තයේත් එවැනි කවුළු 02 ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබේ .
ලෝකයේ බොහෝ ‍රටවල ගුවන් තොටුපොළ තුළ  මෙවැනි ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධති ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සදහා සිංගප්පූරුවේ ” තාලස් ඩිස් ” ( Thales Dis ) සමාගම විසින් නිෂ්පාදිත මෘදුකාංග භාවිතා කෙරේ .

WhatsApp Group

Skip to content