කතරගම ඇසළ පෙරහැරට වාර්ෂිකව පාගමනින් ගොස් සහභාගි වන වතුකරයේ පළමු කණ්ඩායම අද (10) දින හැටන් ගමන් ආරම්භ කෙරුණා.

හැටන් , නුවරඑලිය , වැලිමඩ , බණ්ඩාරවෙල , වැල්ලවාය , ලුණුගම්වෙහෙර හරහා කිලෝමිටර් 240 ක් පාගමනින් ගමන් කරන මෙම කණ්ඩායම මේ මස (18) දින කතරගම පුජා භුමියට ළගා වන බවයි එම පාගමනට සහභාගි විී  සිටින බැතිමතෙකු කියා සිටියේ.

මේ මස (19) දින කතරගම ඇසළ පෙරහැර ආරම්භ කිරිමට නියමිත බවත්,ඒ සදහා සහභාගි වන වතුකරයේ පළමු කණ්ඩායම මෙසේ ගමන් ආරම්භ කල බවයි එම පාගමනට එක් වි සිටින වතුකරයේ බැතිමතුන් කියා සිටියේ.

දිනකට කිලෝමිටර් 20 – 25 අතර දුර ප්‍රමාණයක් පාගමනින් ගමන් කර එම ප්‍රදේශ වල තිබෙන වෙහෙර විහාරස්ථාන සහ හින්දු කොවිල් වල රාත්‍රි කාලයේ විවේක ගෙන ඉන් අනතුරු ඊට පසු දින යලිත් ගමන් ආරම්භ කරන බව එම කණ්ඩායමට සහභාගි වි සිටින බැතිමතුන් කියා සිටි අතර මෙම පාගමනට කුඩා ළමුන් තිදෙනෙකු , කාන්තාවන් පස්දෙනෙකු එක් වි සිටින අතර, එම කාන්තාවන් අතර අවු 80 සහ 85 වයස් කාණ්ඩයේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු ද සිටියි.

කතරගම පාගමනේ යෙදෙන බැතිමතුන්ට මාර්ගයේ ගමන් ගන්නා මගින් විසින් මුදල් සහ වියළි ආහාර ද්‍රව්‍ය ලබාදෙනු ලැබුුුවා.

WhatsApp Group

Skip to content