කළුතර බස් නැවතුම්පොල අසලදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙහිදී මියගොස් ඇත්තේ ජී.එච්. තරිදු දර්ෂන නැමති 30 හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය සදහන් කළේ.

මිය ගිය පුද්ගලයා, ඝාතනය සිදු කර ඇති තැනැත්තාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වා ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු ඇතැයි පොලිසිය පෙන්වා දෙනවා.

දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව ඝාතනය සිදුකළ තැනැත්තා තමා විසින් සඟවාගෙන සිටි තියුණු ආයුධයකින් අනෙක් පුද්ගලයාගේ පපුව සහ ගෙල ප්‍රදේශයට පහර දී මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

බරපතල තුවාල ලබා සිටි තුවාලකරු 1990 සුව සැරිය ගිලන් රථයකීන් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත්, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවත්, රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඝාතනය සිදුකළ තැනැත්තා මේ අවන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදු කරන බවයි පොලිසිය පැවසුවේ.

WhatsApp Group

Skip to content