Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළඹට නව වීසා කාණ්ඩ තුනක් හදුන්වා දී තිබෙනවා.

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහායි මෙම නව වීසා වර්ගයක් හඳුන්වා දී ඇත්තේ .

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව එම වීසා කාණ්ඩ හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව සදහන්.

ඒ අනුව වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා ”ආයෝජක වීසා” කාණ්ඩය, සේවා නියුක්තිකයින් වෙනුවෙන් ”සේවා නියුක්ත වීසා” කාණ්ඩය සහ කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා ”සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු” වීසා කාණ්ඩය මෙලෙස හදුන්වා දී තිබෙනවා .

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී මේ සමබන්ධයෙන් අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2022/12/BANUDULA-GUNAWARDHANA-EDIT-02.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව සදහන් .

WhatsApp Group

Skip to content