Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා වැඩි ඡන්දයෙන් අද තේරී පත් වුනා.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවෙනි සභාවාරයේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ සමගි ජන බලවේගය පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතායි.

මේ අතර රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානයක මහතා පත් කිරිම සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදී උණුසුම් කතා බහක් ඇති වුනා.

එහිදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් මත හර්ෂද සිල්වා මහතාගේ නම ඉවත් කර මයන්ත දිසානායක මහතාගේ නම ආණ්ඩුව විසින්ම යෝජනා කල බවයි.

https://www.vnews.lk/storage/2023/02/NALEEN-BANDARA-EDIT.mp3?_=1

 

එහිදී අදහස දැක්වූ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ සිය පත්වීම පිළිබඳ මයන්ත දිසානායක මහතා යලිත් වරක් සිත බැලිය යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/02/WASUDEWA-NANAYAKKARA-EDIT.mp3?_=2

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් ලන්සා මහතා කියා සිටියේ ස්ථාවර නියෝග කඩ කිරීමට කිසිවෙකුටත් නොහැකි බවයි.

https://www.vnews.lk/storage/2023/02/NIMAL-LANSA-EDIT-2.mp3?_=3

එහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා.

https://www.vnews.lk/storage/2023/02/DAYASIRIN-JAYASEKARA-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content