චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය එක්සත් වීමක් සඳහා තායිවානයට බලපෑම් එල්ල කරනු ඇතැයි අමෙරිකාව පවසනවා.අමෙරිකාව නිකුත් කළ වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාව මගින් ඒ සම්බන්ධයෙන් අනාවරණ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.එය සකස් කර ඇත්තේ අමෙරිකානු බුද්ධි අංශ විසින්.
ඊට අමතරව තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාවේ මැදිහත්වීම් වැළැක්වීමට, අමෙරිකාව සහ මිත්‍රශීලී පාර්ශව අතර ගැටුමක් ඇති කිරීමට සහ චීනයේ ඒකාධිපති ක්‍රමයට අනුග්‍රහය දක්වන ඇතැම් සම්මතයන් ශක්තිමත් කිරීමට චීනයේ කොමියුනිස්ට් පක්ෂය ක්‍රියා කරන බව ද අමෙරිකාව චෝදනා කළා.තායිවානය පාලනය කිරීමට චීනය ගන්නා උත්සහයේදී එය සාර්ථක වුවහොත් එහි ප්‍රථිපල ගෝලීය වශයෙන් අත්විඳීමට සිදුවනු ඇති බවයි අමෙරිකාව පෙන්වා දෙන්නේ.
එමෙන්ම චීනය දකුණු චීන මුහුදේ මතභේදාත්මක කලාප සම්බන්ධයෙන් ජපානයට ද බලපෑම් එල්ල කරනු ඇති බව ද අදාළ බුද්ධි වාර්තාව හරහා අමෙරිකාව අනතුරු අඟවනවා.
උණුසුම් පුවත්
- පොහොට්ටුවේ මැයි දින සූදානම ගැන දැනුවත් කිරීමක් (වීඩියෝ)
- අනුර හදිසියේ නැවත රට යයි
- විනය කඩ කළ මන්ත්‍රීවරුන්ගෙන් පොහොට්ටුව කරුණු විමසයි
- මෙන්න කාලගුණය තිතටම. හරියට දැනගෙන එළියට බහින්න. (වීඩියෝ)
- ටැන්සානියාවේ ගංවතුරෙන් 155 දෙනෙකු ජීවිතක්ෂයට
- වතු කම්කරු වැටුප් ගැන දෙවන සාකච්ඡාවත් අසාර්ථක වෙයි
- මේ පාර මැයි දිනේට එජාපයෙන් වෙනසක්. මෙන්න සැලසුම (වීඩියෝ)
- IPL අද තරගය