Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තෙවන වරටත් චීන ජනාධිපති ධුරය සඳහා තේරී පත් වූ ෂී ජින්පින් එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඔහුගේ සමීප ආධාරකරුවකු වන ලී චියෑන්ග් නම් කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය ලී කිකියෑන්ග් තම වසර 5 බැගින් වූ ධුර කාල දෙක අවසන් කිරීමෙන් පසුව විශ්‍රාම ගෙන තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය මත චීන ජනාධිපති ෂී ජින්පින් තෙවැනි ධුර කාලයක් සඳහා ජනාධිපති ධුරයට පත්කර ගැනීම පසුගියදා සිදුවුනා .

චීන කොමියුනිස්ට් විප්ලවය මෙහෙයවූ මාඕ සේතුංගෙන් පසු එරට ජනාධිපති ධුරයට පත්වුණු බලවත්ම නායකයා ලෙස ෂී ජින්පින් සැලකෙනවා.

WhatsApp Group

Skip to content