රුසියානු බොර තෙල් බැරලයක් ඩොලර් 60 ක උපරිම මිල සීමාවක් යටතේ මිල දී ගැනීමට ජී හත සමුළුව නියෝජනය කරන රාජ්‍ය නායකයන් ගත් තීරණය අද සිට ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව මීට පෙර ප්‍රකාශ කළේ තමන් නියම කරන මිලට බොර තෙල් මිල දී නොගන්නේ නම් අදාළ රටවලට ඉන්ධන සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

ජී හත රටවල මෙම තීරණයත් සමඟ ඉන් රුසියානු ආර්ථිකයට බලපෑමක් එල්ල විය හැකි බව විදෙස් විචාරකයින් සඳහන් කළා.

යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ විකල්ප වෙළඳපොලවල් ඇති බැවින් ජී- හත රටවල තීරණයෙන් රුසියාවට දැඩි බලපෑමක් එල්ල නොවනු ඇති බවයි.

WhatsApp Group

Skip to content