Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නව තනාපතිවරුන් තිදෙනකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ලෙබනන් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කපිල සුසන්ත ජයවීර මහතා පත් කිරීම සඳහා අනුමැතිය හිමිවූ බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කලේ.

බහරේන් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් මහත්මිය පත්කිරීමටත් ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සහ අප්‍රිකානු සංගමයේ මෙරට නිත්‍ය නියෝජිතවරයා ලෙස කේ.කේ.තෙෂාන්ත කුමාරසිරි මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය හිමිවුණා.

WhatsApp Group

Skip to content