පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ ප්‍රභල එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 06කින් පරාජයට පත්කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාණු ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 164ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 158ක් පමණයි.

කාන්තා ලෝකු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content