Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 282ක් ලබාගැනීමට සමත් වූවා.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දු රැකීමට ඔවුන් තීරණය කරනු ලැබුවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු 9ක් දැවී ලකුණු 282ක් ලබාගැනීමට සමත් වූවා.

එංගලන්ත ඉනිම වෙනුවෙන් පන්දු 86කදී ලකුණු 77ක් ලබාගැනීමට ජෝ රූට් සමත් වූ අතර පන්දු 42කදී ලකුණු 43ක් ලබාගැනීමට ජොස් බට්ලර් සමත ්වූවා.

Jonny Bairstow ලකුණු 33ක්ද Harry Brook ලකුණු 25ක්ද Liam Livingstone ලකුණු 20ක්ද ලබාගැනීමට සමත් වූවා.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට සමත්වූයේ නැහැ.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Matt Henry කඩුලු තුනක්ද Michell Santner සහ Glenn Phillips කඩුලු දෙක බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

මේ අතර Trent Boult සහ Rachin Ravindra කඩුලු එක බැගින් දවා ගැනීමට සමත් වූවා.

තරගය ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 283ක් ලබාගැනීමට අවශ්‍ය වනවා.

තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන්නේ ඉන්දියාවේ අහමදාබාද්හිදියි.

WhatsApp Group

Skip to content