Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කර ගැනීම ඇතු`ඵ විශේෂ කරුණු 3 ක් මුල් කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙන්ම නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ කතා නායකවරයාගේ කාර්යාලයේදි.

එහිදි විපක්ෂ නායකවරයා කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේ 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන් කර ඇති මුදල් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා ලබා දීමට යෝජනාවක් සම්මත කරන ලෙසයි.

මේ සදහා කතා නායකවරයා ද සිය එකගත්වය පළ කළ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මැතිවරණය වෙනුවෙන් මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගෙන්වා ප්‍රශ්න කරන ලෙසත් පවත්නා බරපතල තත්වය හේතුවෙන් පළාත් පාලන අපේක්ෂකයෙකු ද මැතිවරණය ඉල්ලා සිදු කරන ලද විරෝධතාවයට එක්වෙමින් මිය ගිය බවද විපක්ෂ නායකවරයා මෙහිදි අවධාරණය කළා.

මේ එම සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නායකයින් සහ නියෝජිතයින් මාධ්‍ය වෙත දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/02/KATHANAYKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content