පකිස්තානයේ හිටපු අග්‍රාමාතය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද්හි අධිකරණයෙන් පිටතදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමේදියි.

පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්(PTI) පක්ෂයේ ෆවාඩ් චෞද්රි ට්විටර් පණිවුඩයක් තබමින් ඉම්රාන් ඛාන්ගේ අත්අඩංගුවට ගැනීම අද(09) තහවුරු කර සිටියා.

පැරාමිලිටරිය විසින් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාළ ට්විටර් පණිවුඩයේ සඳහන්.

WhatsApp Group

Skip to content