පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේ ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.

එදිනට මැතිවරණ කොමිෂන් සභාව වෙත සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කැදවිමටයි නියමිතව ඇත්තේ .

එහි දී අදාළ තීරණය ගන්නා බව ද මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා .

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු හා මැයි දින සැමරුමට අදාළ සැලසුම් සකස්කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා .

ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි එම පක්ෂයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේ.

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද සාකච්චාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා.

https://www.vnews.lk/storage/2023/03/SANATH-NISHANTHA-EDIT.mp3?_=1

මේ අතර ඊයේ දිනයේදීත් මැතිවරණය පිලිබදව දේශපාලන නියෝජිතයින් විසින් විවිධ අදහස් පල කළා .

මේ එලෙස අදහස් දැක්වූ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/03/MIX-EDIT-1-11.mp3?_=2

WhatsApp Group

Skip to content