Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කර තිබෙනවා.

ඩිලාන් පෙරේරා මහතා එම ධුරය සදහා තෝරා පත්කර ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක අමල් සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් .

මේ සදහා තමන්ගේ නම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් යෝජනා කිරීමත්, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ඊට විරුද්ධ නොවී එය ස්ථිර කිරීමත් පිළිබඳව තමා සතුටු වන බවත් අභිනව සභාපතිවරයා කාරක සභාව අමතමින් ප්‍රකාශ කළා.

එමෙන්ම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වැනි ආයතන කාරක සභාව හමුවට කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ .

WhatsApp Group

Skip to content