විදුලි බිල වැඩි කිරීමක් යලි සිදු කළහොත් පාන් ඇතුලු බේකරි නිෂ්පාදනයන්ගේ මිල අනිවාර්යයෙන්ම ඉහළ යාමක් සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපත් එන්.කේ ජයවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අද(30) කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවර්ධන මහතා කියා සිටියේ බේකරිවල විදුලි බිල දැනටමත් දෙගුණයකින් ඉහළගොස් ඇති බවයි.

යළි විදුලි බිල වැඩි කිරීමක් කළහොත් බේකරි හිමියන්ට එය දරා ගැනීමට නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ බේකරි කර්මාන්තය අවශ්‍ය පාන් පිටි, බිත්තර සෙසු අමුද්‍රව්‍යයන්ගේ මිල ඉහළ යාමත් ඉන්ධන සහ විදුලි බිල වැඩිවීමත් හමුවේ බේකරී කර්මාන්තය විශාල කඩා වැටීමකට ලක්ව ඇති බවයි.

 

WhatsApp Group

Skip to content