පාර්ලිමේන්තුව අද සිට ලබන 12 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා අපනයන සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාළ නියෝග, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ නියමයන් 08ක්, ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි තුනක් විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර හෙට දිනයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතර සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව අනව විවාදයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම ලබන 11 වැනිදා දිනය වෙන් කර තිබෙනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයටයි.

WhatsApp Group

Skip to content