වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරෙනවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 70 (අ) වගන්තිය ප්‍රකාරවයි.

මෙම පාර්ලිමේන්තුව පත් වී වසර දෙකක් සහ මාස හයක් ගත වීම හේතුවෙන් ජනාධිපතිවරයා වෙත එම බලය පැවරෙනු ඇති.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට බලය හිමි වනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන අංශයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/02/MANJULA-GAJANAYAKE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content