උත්සව සමයෙන් පසු දින කිහිපයේ දී ද පොලිසිය සහ බුද්ධි නිලධාරීන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

අධිවේගී මාර්ගවල ධාවනය කරන රථවාහන රියදුරන්ගෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා ඉල්ලීමක් සිදුකළා.

එහිදී ඔහු කියා සිටියේ වාහන අධිවේගී මාර්ගයේ නවතා ආහාර ගැනීමෙන් වළකින ලෙසයි.

අප්‍රේල් පළමු වැනිදා සිටි 12 වැනිදා දක්වා සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කළේ.

 

WhatsApp Group

Skip to content