ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයෙන් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 08න් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 226ක් රැස් කළා.
එහිදී ඩෙවොන් කොන්වේ පන්දු 45කදී ලකුණු 83ක් සහ ශිවම් ඩූබේ පන්දු 27දී ලකුණු 52ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කර ගත හැකි වූයේලකුණු 218ක් පමණයි.
එහිදී අවසන් පන්දු වාරය යොමු කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.
උණුසුම් පුවත්
- වැලිකන්දේ අනතුරකින් තරුණයකු මියයයි
- තව දුරටත් රුපියල අතිප්රමණ වෙයි
- වෙළඳ ඇමති හා ඊජිප්තු තානාපති අතර හමුවක්
- පොහොට්ටුවේ මැයි දින සූදානම ගැන දැනුවත් කිරීමක් (වීඩියෝ)
- අනුර හදිසියේ නැවත රට යයි
- විනය කඩ කළ මන්ත්රීවරුන්ගෙන් පොහොට්ටුව කරුණු විමසයි
- මෙන්න කාලගුණය තිතටම. හරියට දැනගෙන එළියට බහින්න. (වීඩියෝ)
- ටැන්සානියාවේ ගංවතුරෙන් 155 දෙනෙකු ජීවිතක්ෂයට