රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වීමෙන් අනතුරුව කතා නායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

මේ අතර මුදල් කාරක සභාවේ සභාපති ධුරය තාවකාලිකව වජිර අබේවර්ධන මහතාට ලබා දී ඇතැයි පවසමින් විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාව තුළ නොසන්සුන් තත්වයක් ඇති වුණා.

එය ස්ථාවර නියෝගවලට පටහැනි බවයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කළේ.

කෙසේ වෙතත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදි සදහන් කළේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය ඕනෑම මන්ත්‍රීවරයෙකුට දැරීමට හැකියාව තිබෙන බවයි.

https://www.vnews.lk/storage/2023/03/UNUSUMA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content