Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස ඊයේ දිනයේදී නිකුත් කළ ලිපිය නැවත කැඳවූ බව රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නිීල් බණ්ඩාර හපුහින්න මහතා පවසනවා.

ඔහු සදහන් කලේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා හෝ ඇප මුදල් භාර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ පනත මගින් බලයක් ලබාදී නොමැති බවයි.

අදාළ මැතිවරණයේ නාම යෝජනා සහ ඇප මුදල් භාර ගැනීම සඳහා බලය පැවරෙන්නේ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ට බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා .

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය සඳහා සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව ලිපියක් නිකුත් කර තිබෙනවා .

අදාළ ලිපිය සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය / සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content