Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ලබාගෙන නාම යෝජනාවල වලංගු භාවය පිළිබද කිසිදු ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා.

අප කළ විමසීමකදී මැතිරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් එය වලංගුවන බවයි.

මේ අතර යළි දැනුම් දෙනතුරු සති අන්ත හා රජයේ නිවාඩු දිනවලදී ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වසා දැමීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබුණා.

විශේෂ රාජකාරියක් සඳහා සති අන්ත හෝ නිවාඩු දිනවල කාර්යාල විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුවනවා.

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සදහා රජය ගනු ලබන උත්සාහය පිළිබද කණගාටුවන බවයි.

රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම අරමුණු කරගත් බව කියමින් රජය මෑතකදී ගත් තීරණ රැසක්ම මැතිවරණය පැවැත්වීමට බාධාවන අයුරින් බලපා ඇති බවයි.

මැතිවරණ කොමිසමට සහය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ.

එම වගකීම පැහැරහැරීම දඩුවම් ලැබිය යුතු වරදක් බව ව්‍යවස්ථාවේ සදහන් වන බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිවිටක ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගය පවසනවා.

පොළොන්නරුවේදී මාධ්‍යට අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මැතිවරණයෙන් පසු රටේ ජනතා අපේක්ෂා ඉටු කිරීමට ජාතික ජන බලවේගය මැදිහත් වන බවයි.

https://www.vnews.lk/storage/2023/02/WASANTHA-SAMARASINGHE-EDIT-1.mp3?_=1

වී මැතිවරණ කතා පොත විශේෂාංගය දැන්

https://www.vnews.lk/storage/2023/02/news-segment-mix-1.mp3?_=2

WhatsApp Group

Skip to content