Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරාගවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ ඊයේ (26) පැවති දෙවන අවසන් පුර්ව වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 62කින් පරාජයට පත්කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 233ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 171ක් පමණයි.

ඒ අනුව ගුජරාට් කණ්ඩායම හෙට පැවැත්වීමට නියමිත ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මේ වන විටත් අවසාන මහතා මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා.

ඔවුන් අවස්ථා 09කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබු අතර ඒ අතරින් අවස්ථා 04කදී ශූරතාව හිමිකරගෙන තිබුණා.

WhatsApp Group

Skip to content