Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාස්කු පාහාරය සම්බන්ධයෙන් අප්‍රේල් මස හතරවනදා අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමට අනුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රකාශය පිළිබද නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කවුරුන්දැයි තමන් දන්නා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවරදී පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව එම ප්‍රකාශය මත පදනම්ව ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ද සටහන් කරගනු ලැබුවා.

WhatsApp Group

Skip to content