යුක්‍රේන රුසියා යුද්ධයෙන් දහතුන් දහසක් යුක්‍රේන සෙබළුන් මියගිය බව එරට වාර්තා හෙළි කර තිබෙනවා.

යුද්ධයෙන් යුක්‍රේන සෙබළුන් දස දහසත්, දහතුන් දහසත් අතර පිරිසක් මියගිය බවට තහවුරු කර ඇත්තේ යුක්රේන ජනාධිපති සෙලෙස්කිගේ උපදේශක මෙකයිලෝ පොඩොල්යැක් විසිනුයි.

මේ අනුව පසුගිය ජුනි මාසයේ දෛනිකව සෙබළුන් සියත් – දෙසියත් අතර පිරිසක් මියගොස් ඇති බවද සඳහන්.

මේ අතර රුසියානු වාර්තා පෙන්වා දෙන්නේ මෙම යුද්ධයෙන් තම සෙබළුන් නව දහසකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත් යුක්රේනය පෙන්වා දෙන්නේ මියගිය රුසියානු සෙබළුන් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි විය හැකි බවයි.

WhatsApp Group

Skip to content