Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ජීවන වියදමට සරිලන වැටුපක් හෝ දීමනාවක් ලබානොදීම, ලබාගත් බැංකු ණය සඳහා ණය පොලී ඉහළ දැමීමට විරෝධය පළ කිරීම සහ බහුකාර්ය සේවා සඳහා බඳවා ගැනීම් නතර කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

අප කළ විමසීමක දී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ මෙම වර්ජනයෙන් හදිසි සේවා ඇතුලු අනෙකුත් සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහල, අපේක්ෂා රෝහල ඇතුලු රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි අප වාර්තාකරු පැවසුවේ .

WhatsApp Group

Skip to content