ශීත සෘතුවට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පෙරමුණ ගැනීමට රුසියාව සමත්ව ඇති බව යි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

පසුගිය පළමු වනදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 41308 ක් පැමිණ ඇති අතර ඉන් 10066 ක් රුසියානු සංචාරකයන් බවයි එම අධිකාරිය පැවසුවේ.

එමෙන්ම අදාළ කාලසීමාව තුළ දෙවනුවට වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දීයාවෙන්.

ඒ අනුව සංචාරකයන් 7021ක් එම කාලය තුළ මෙරටට පැමිණ තිබෙනවා.

තෙවැනි ස්ථානය එක්සත් රාජධානියට හිමිව ඇති අතර සංචාරකයන් 3276ක් එම කාලය තුළ පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ.

WhatsApp Group

Skip to content