ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට  බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් නම්  පෙම් යුවළ   සමත්ව තිබෙනවා.

මෙම යුවළගේ දිය යට හාදුවේ දිග විනාඩි හතරයි තත්ත්පර හයක් .

මොවුන්  මාලදිවයිනේ නිවාඩු නිකේතනයකදීයි  මෙම ලෝක වාර්තාව තබා ඇත්තේ.

ඔවුන් දෙදෙනාම රැකියාවෙන් කිමිදුම් උපදේශකයන් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මීට පෙර ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී දිය යට හාදුවේ දිග විනාඩි තුනයි තත්ත්පර විසි හතරක් ලෙසයි සටහන්ව තිබුනේ.

WhatsApp Group

Skip to content