Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අවම වශයෙන් තවත් සතියක පමණ කාලයක් ගත වන තුරු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ, ඔහුගේ වම් පාදයේ විලු‍ඹ ප්‍රදේශයේ පවතින ආබාධයක් මෙතෙක් සම්පූර්ණයෙන්ම සුව වී නොමැති වීම හේතුවෙන්.

ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සදහා විදෙස් ගත වීමට නියමිතව ඇති බව ද සදහන්.

මෙම මාසයේ පැවැති බංග්ලාදේශයට එරෙහි සීමිත පන්දුවාර තරග සදහා හසරංග ක්‍රීඩා කළ නමුත්, ඔහු මෙම ආබාධය හේතුවෙන් සැලකිය යුතු වේදනාවක් සහිතව එම තරග සදහා ක්‍රීඩා කර ඇති බවයි වාර්තා වන්නේ.

වනිදු මෙතෙක් සන්රයිසස් කණ්ඩායම සමග එක් වී නොමැති අතර, ඒ සදහා නිශ්චිත දිනයක් ද මෙතෙක් තීරණය කර නැහැ.

WhatsApp Group

Skip to content