Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ ඉන් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 15 කට ආසන්න බව සඳහන්.

එම වාර්තාවේ දැක්වෙන අන්දමට විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 15ක්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ස්වාමීන් වහන්සේලා පස් දෙනකුද විශ්‍රාම වැටුප් ලබන බව සඳහන් .

විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන් වන කලාකරුවන්වන්ගේ සංඛ්‍යාව 4ක්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් ද විශ්‍රාම වැටුප් ලබන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content