ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ව දුරකථන හතරක විශ්ලේෂණ වාර්තා ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා බොරැල්ල පොලිසියට නියෝග කළා.

ඒ, මෙම සිද්ධියට අදාළ දුරකථන අංක හතරක විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබාදෙන ලෙස බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව යි.

ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ සහ ඔහුගේ ආයතනයේ සේවකයන් දෙදෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද බොරැල්ල පොලිසිය මෙහි දී අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර කරුණු වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කරමින් නඩුව කල් තබනු ලැබුවා.

මේ අතර, ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ, ඔහුගේ සමීපතමයෙකුගේ සැලසුමකට අනුව බවට ඒ සම්බන්ධ විමර්ශන සිදු කරන නිලධාරින්ට සැකයක් මතු ව තිබෙනවා.

WhatsApp Group

Skip to content