ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දීමට නියමිත ඩොලර් බිලියන 2.9ක ණය මුදල සදහා වන විධායක කමිටු අනුමැතිය අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද රැස් වී අදාල අනුමැතිය ලබා දීම පිළිබද අවසන් තිරණයකට එළඹීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දීමට නියමිතව ඇති බව සදහන්.

අදාල මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජේ්‍යෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් සහ මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොසාකි එක්වන බවද වාර්තා වනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 4 ක් තුළ ලැබීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද මේ පිළිබදව වැඩිදුරට් කරුණු පැහැදිලි කළා.

https://www.vnews.lk/storage/2023/03/SHEHAN-SEMASINGHE-EDIT.mp3?_=1

මේ පිළිබද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/03/SAJITH-PREMADASA-EDIT-3.mp3?_=2

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා මෙලෙස අදහස් දක්වනු ලැබුවා.

https://www.vnews.lk/storage/2023/03/PATALE-CHAMPIKA-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content