Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රථ වාහන පරීක්ෂා කිරීම් ඇතුළු පොලිස් රථ වාහන රාජකාරී සඳහා පළමුවරට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තා පොලිස් නිලධාරිනියන් 8 දෙනෙකු පොළොන්නරුව පොලිස් කොට්ඨාසභාර රථ වාහන සේවයට එක් කර තිබෙනවා.

පොළොන්නරුව කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් , පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වුනා..

මෙම නිලධාරීන් අටදෙනා පොළොන්නරුව කොට්ඨාස භාර යතුරුපැදි ඒකකය හා පොළොන්නරුව රථ වාහන යතුරුපැදි ඒකකයේ සේවයට එක් කර ඇති බව සඳහන්.

මෙලෙස රථ වාහන පරීක්ෂා කිරීම් ඇතුළු අනෙකුත් රථ වාහන පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පුහුණුවක් ලද මෙම කාන්තා පොලිස් නිලධාරිනියන් සිය රාජකාරී කටයුතු සඳහා මේ වන විට  නිල වශයෙන් එක් වී තිබෙනවා.

WhatsApp Group

Skip to content