ඕස්ට්‍රේලියාව ඇමෙරිකාවෙන් කෲස් මිසයිල 220ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 895ක ගනුදෙනුවක්.

වර්ජිනියා කාණ්ඩයට අයත් සබ්මැරීන යොදාගනිමින් මෙම මිසයිල භාවිත කළ හැකියි.

එමෙන්ම ඇමෙරිකාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ඒකාබද්ධ න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියකට ද එකඟවී තිබෙනවා.

මෙම එකඟතාව නවතම අවි තරගයක් සහ න්‍යෂ්ටික අවදානමක් ලෙසයි චීනය හඳුන්වන්නේ.

WhatsApp Group

Skip to content