සුළු නඩත්තුවක් සඳහා අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය මේ වනවිට යළිත් පූර්ණ ධාරිතාවයෙන් යළිත් ජාතික පද්ධතියට එක් කර තිබෙනවා.

මේ අතර කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද අලුයම සිට අක්‍රීය කර ඇති බව වාර්තා වනවා.

ඒ විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත් තරම් නැප්තා සංචිත නොමැතිවීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඒ සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක ධාරිතාවක්
අහිමි වූ බව සඳහන්.

WhatsApp Group

Skip to content