ඛනිජ තෙල් සේවකයන්ගේ මෙම වසරට අදාළ අතිකාල දීමනා කපා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා .

ඒ මෙම වසරේ ඛනිජ තෙල් සේවකයින්ගේ අතිකාල දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 360කට අධික මුදලක් ඇස්තමේන්තු ගත කිරීමත් සමඟයි .

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් මීට අදාළ ඇස්තමේන්තුව සකස් කර ඇති අතර එය අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත යොමුකර තිබෙනවා .

තොග පර්යන්ත සමාගමෙ හි සේවකයින් සඳහා පමණක් අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි 180ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content