75 වන නිදහස් උළෙලට සමගාමිව ජනාධිපතිවරයා ජාතිය ඇමතීම පස්වරු 6.45 ට සිදු කිරීමට නියමිතයි.

වෙනත් වසරවලදී නිදහස් උළෙල පවත්වන අවස්ථාවේදීම ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදු කරත් මෙවර උත්සවය සහ ජාතිය ඇමතීම කොටස් දෙකකට වෙන් කර පැවැත්වීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් උළෙල ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී අද පෙරවරුවේ පැවැත්වුනා.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් ද රාජ්‍ය නිලධාරීන්ද රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

එමෙන්ම මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ත මහත්මිය ඇතුළු විදෙස් රාජ්‍ය නියෝජිතයින් රැසක් ද එක වුනා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ උත්තමාචාර පෙළපාලි සහ සන්නද්ධ රථ පෙළපාලි වලින් සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පැරිෂුට් සංදර්ශනයකින් නිදහස් උළෙල වර්ණවත් කරනු ලැබුවා.

එමෙන්ම ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කිරීමෙන් පසු නිදහස් උළෙල අවසන් වුනා.

WhatsApp Group

Skip to content